ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දේශපාලන අර්බුදයත් සමග සංචාරක කර්මාන්තය කඩා වැටීම ඇරඹේ – සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර අඩුවීමක්

අලුත් අගමැතිවරයෙකු පත්කර ගැනීම හරහා රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී.

ඊයේ(22)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින බවත් මේ දිනවල උද්ගත වී ඇති දේශපාලන වාතාවණය තුළ එම තත්ත්වය පහළ වැටී ඇති බවයි.

ඔහු සඳහන් ප්‍රකාශ කළේ දැනටමත් සංචාරකයන්ගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙවැනි අවස්ථාවලදී අසල්වැසි රටවල් ප්‍රයෝජන ගන්නා බැවින් කඩිනමින් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන් ඔවුන් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා කියා සිටියේය.