ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිස්පති කියන්නේ බොරු… පොලිස් පරීක්ෂක ඉවත් කළේ ජනපති නොවේ – දයාසිරි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවීමක් ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව නොවන බව දයාසිරි ජයසේකර මහතා පවසයි. දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ඇතැම් මාධ්‍ය ඉහත කී ස්ථාන මාරුව ජනාධිපති සිරිසේන විසින් කරවූ එකක් බව දක්වමින් ජනාධිපතිවරයාව ඊට ඈඳා ගැනීමට උත්සාහ කිරීම දැඩි ලෙස හෙළාදකින බව සඳහන් කළ දයාසිරි මහතා පෙන්වා දුන්නේ එම ස්ථාන මාරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දුන් එකක් බවත් පසුව එය ජාතික පොලිස් කොමිසම විසින් අවලංගු කළ බවත්ය.

කෙසේවෙතත් නිශාන්ත සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බවට දැක්වෙන, පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ එම ප්‍රකාශය අසත්‍යයක් බවයි.

අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී දයාසිරි මහතා පැවසුවේ එය ව්‍යවස්ථා සභාවෙන් කළ යුතු දෙයක් බවත් ඒ ගැන හදිසි නොවිය යුතු බවත්ය.

(LNW)