ගාමිණී ජයවික්‍රමට සහ පොලිස් නිළධාරීන්ට මහින්දගේ මන්ත්‍රීවරු එල්ලකල ප්‍රහාරය (ඡායාරූප)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට අද(16) පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක් එල්ල වී තිබේ. මන්ත්‍රීවරයා පවසන්නේ රාජපක්ෂගේ මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
මේ අතර මහින්ද පිලේ මන්ත්‍රීවරු විසින් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්ට මහතාට පහරදී තිබේ. අණ්ඩුක්‍රම ව්‍යවස්තාව අඩංගු පොතෙන් තමාට තමාට පහදුන් බව විජිත හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කරයි.
මේ අතර කතානායකරවයාගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි පොලිස් නිළධාරීන්ට ද ප්‍රහාරයක් එල්ල වූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු , ප්‍රසන්න රණවීර , පද්ම උදය ශාන්ත , මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පොලිස් නිළධාරීන්ට පුටු පොත් ඇතුළු විවිධ දෑ මගින් පහරදෙනු ලැබිණි. මේ නිසා පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.








