ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඝාතන කුමන්ත්‍රණයේ හිටියේ මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරුබව අද තහවුරු උනා.

පාර්ලිමේන්තුව රැස්වුණාම ඝාතන වෙන්න පුලුවන් කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, එම කුමන්ත්‍රණයේ සිටින්නේ කවුරුන්දැයි අද දැක බලා ගැනීමට හැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු සභා ගැබෙන් පිටව යමිනි.

‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පාර්ලිමේන්තුව රැස්කළොත් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්‍රණය තිබුණේ කාටද කියලා. අනිත් මන්ත්‍රීවරු අසුන්වල ඉන්දි මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිටලා කලහකාරීව හැසිරුණා. කතානායකට පහර දෙන්න හැදුවා. කතානායකගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මිරිස්කුඩු  වැනිදේවලින් ගැහුවා.‘‘