ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කුමන්ත්‍රණ කතා පුස්සක් කරමින් නාමල් කුමාරත් පොහොට්ටුවෙන් මහමැතිවරණයට..!

යම් හෙයකින් මහ මැතිවරණයක් කැඳවන ඕනෑම අවස්ථාවකදී තමන් ද ඒ සඳහා තරඟ කරන බව  ජනාධිලති කුමන්ත්‍රණ කතාව හරහා කරලියට පැමිණි  නාමල් කුමාර පවසයි. එහිදී තමන් මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ළකුණ යටතේ තරඟ කිරීමට තීරණය කළ බව ඔහු කියා තිබේ.  පසුගියදා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කිරීමත් සමඟ නාමල් කුමාරගේ චරිතය කරළියට පැමිණ තිබුණි.

පසුගිය කාලයේ මාධ්‍ය ඉදිරියේ වීරයා වෙමින් ඔහු පැවසූ සියලු තොරතුරුවල අවසාන ප්‍රතිඵලය අනුව දැන් නාමල් කුමාර කාගේ ඉත්තෙක්දැයි හොඳින්ම පැහැදිලිය.  නාමල් කුමාර හැංගි හැංගි බැඳි වෙස් එළිපිට නටන දිනය එළඹෙන තුරු අනාවැකි කීමද කල් වැඩිය.

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන බල පෙරළීන් හා නාමල් කුමාරගේ දේශපාලන ප්‍රවිශ්ඨය සළකා බලන විට යහපාලන රජය පෙරළීමේ අවශ්‍යතාවය තිබුණේ කාටද යන්න දැන් හොඳින් පැහැදිළි වෙමින් තිබේ. 26 වැනිදා රාත්‍රිෙය් සිදු වූ දේශපාලන සූදුව තුළ නාමල් කුමාර නම් ජොකියාගේ කාර්යභෘරය පුළුල් එකක් වූ බව දැන් පෙනී යන කරුණකි.

සිරිසේන ජනාධිපතිවරයා සිය පළමු ජාතිය ඇමතීම හෙවත් දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ තමාව ඝාතනය කිරීමට  අගමැති  රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට තමාට ලැබුණු තොරතුරු නිසා රාජපක්ෂට අගමැතිකම පිරිනැමූ බව පවසමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කිරීම පිලිබද මේ දිනවල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කල නාමල් කුමාර යන අය මහින්ද රාජපක්ෂ මහතා ලගින් ඇසුරුකල තංගල්ල කාල්ටන් නිවසටද ආව ගිය පුද්ගලයෙකු බව පසුදා අනාවරණය විය.