පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බලා සිටීමට සිදුවනවා – මහින්ද දේශප්‍රිය
මහ මැතිවරණයට සූදානම් වීමෙන් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බලා සිටීමට තමාට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව විධායකය විසින් නීතිවිරෝධී ලෙස විසුරුවා හරින විට මැතිවරණ කොමසාරිස්වරයෙකුට මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. එවැනි අවස්ථාවල දී මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාමට පෙර විසුරුවා හැරීමේ නීතියානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අවශ්‍ය බවයි.
මැතිවරණයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස දෙමළ ජාතික සංවිධානයද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. මේ අතර, මැතිවරණ කොමිසම තුළ ඇති තොරතුරුවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් මැතිවරණය නොපැවැත්වීමට කොමිසමේ සාමාජිකයන් එකඟත්වයක් ඇති කර තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතර හමාරක කාලයක් ගතවීමට පෙර ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයාට නොමැති බවට දැඩි තර්ක ඉදිරිපත් කර තිබේ.