ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – අනුර දිසානායක.

ජනාධිපතිවරයා විසින් ඊයේ(10) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුව නීති විරෝධී හා ව්‍යස්ථාව උල්ලංගනය කිරීමක් බවත් එමනිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රියාවට එරෙහිව හ්‍රේෂ්ඨාධීකරනය හමුවට යන බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. තමන් පක්ෂයක් ලෙස ඕනෑම මැතිවරණයක් සදහා ඉදිරිපත්වීමට සුදානමින් සිටින බවත් එසේ වුවද ව්‍යස්ථා විරෝධීව පවත්වන මැතිවරණයක් සදහා තරග කිරීමට පෙර ඒ පිලිබද නීතිමය තත්වය නිරාකරණය කරගත යුතුබව දිසානායක මහතා වැඩිදුරටත් පවසයි. අද (10) සවස ජවිපෙ  මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කරන ලදි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි වන අතර එසේ නීති විරෝධි ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන මැතිවරණයද නීති විරෝධී වන අතර පත්වන අලුත් ආණ්ඩුවද නිතී විරෝධී වන බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම තත්වය හමුවේ මෙම ගැටළුව සම්බන්දයෙන් ශ්‍රේඨාධිකරණයේ මතවිමසිම අත්‍යවශ්‍ය කරුණක් බව දිසානායක මහතා පැවසීහ.