ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අදත් ගොම්මන් යාමේ තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙති.

පසුගිය 26 වනදා කුමන්ත්‍රණකාරීව පිහිටවු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වරින් වර දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් පිරිසක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අදත්(07) රාත්‍රීය උදාවීමත් සමග  දිවුරුම් දී තිබේ. මෙම ආණ්ඩුවේ සියලුම ඇමතිවරු රාත්‍රී කාලයේ දිවුම්දීම විශේෂ සිදුවීමක් ලෙස කැපී පෙනේ.

ඒ අනුව,

චමල් රාජපක්ෂ මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත් , එස්. බී. දිසානායක මහතා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් , පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී ඇත.