‘කුමන්ත්‍රණය’ හරහා හත්පොලේ ගාගත් මෛත්‍රී ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ සූදානමක් !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 නොමැතිවීම මීට මූලික හේතුවවී ඇති බවද වාර්තා වෙයි. මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට කිසිදු ව්‍යවස්ථානුකූල බලයක් නොමැති අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එය මන්ත්‍රීවරු 2/3 බහුතරයකින් පාර්ලිමේන්තුවේ යොජනා සම්මතයකින් සිදුවිය යුතුය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දින කිහිපයේම ආණ්ඩුවට සහය පළකරන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සහය ඇතිව මන්ත්‍රීවරුන් මිලදී ගන්නට උත්සාහ කළත් ප්රජාතන්ත්ර විරෝධී ඒ ක්‍රියාවට එරෙහිව මේ වන විට ප්‍රබල ජනමතයක් ගොඩනැගී ඇත. එසේම මනෝ ගනේෂන් ප්රමුඛ දමිළ මන්ත්‍රීවරු සහ හකිම් , බදුද්දීන් ඇතුළු මුස්ලීම් පක්ෂද මේ වන විට මහින්දට සහයදීම ප්‍රතික්ෂේප කර ඇති තත්වයක් යටතේ ජනාධිපතිවරයා මේ මොහොතේ අත්තනෝමතික ලෙස ව්‍යවස්ථ විරෝධීව පාර්ලිමේන්තුව විසුරවා හැරීමට උත්සාහ දරණ බව අප වෙත වාර්තාවේ.
තවද මෛත්‍රී – මහින්ද ප්රමුඛ මෙම නඩයේ ක්‍රියාවන් ජාත්‍යන්තරවද දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු විදෙස් බලවතුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සියල්ල ජනාධිපති සිරිසේනට දන්වා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවා ඒ තුළ මේ ප්රශ්නය නිරාකරණය කරගන්නා ලෙසය.
එපමණක් නොව පසුගියදා ජාතික රූපවාහිනියට කැඳවනු ලැබූ ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරිද අවධාරණයෙන් කියා සිටියේ ජනාධිපති සිරිසේන කරන මේ කටයුතු සියල්ල ව්‍යවස්ථා විරෝධී බවය. එසේම ඒ සමඟ කැඳවා සිටි කිසිඳු සම්පත් දායකයෙකුට ජනාධිපති සිරිසේනගේ කටයුත්ත යුක්ති යුක්ත කරන්නට හැකි වූයේ නැත.
සිරිසේන ජනාධිපති 19 වන සංශෝධනය නොතකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීති උපදෙස් පතමින් සිටින්නේ එවැනි පසුබිමකය. 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරකට පසුවය. එසේම 113ක බහුතරය සකස්කර ගැනීමට නොහැකි නිසා මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හරින ලෙස මහින්ද ඇතුළු රාජපක්ෂ පාර්ශවයද ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බව වාර්තාවේ.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට සකස් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල නොවන ආරංචි මාර්ග කියාසිටියි.
මේ අතර රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවා හැරීමේ සුදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙහිදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා,
“මහින්ද – මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද – මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න.
ඒ අනුව අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි.
රට වනසන මෛත්‍රී – මහින්ද කුමන්ත්‍රණය අංක 2 . දැන් තිරගතවේ. අනීතියට අසාධාරණයට එරෙහිව නැගීසිටිමු.
Posted by Ajith P Perera on Wednesday, 7 November 2018