ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හවුල් දේශපාලනයෙන් වෙනත් පක්ෂ වලට වාසි ගන්න ජවිපෙ වැඩ කරන්නෙ නැහැ – ලාල්කාන්ත

තම පක්ෂය මින් ඉදිරියට වෙනත් පක්ෂ වල ජයග්‍රහණය සඳහා සහයෝගය ලබානොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කලේ මෙරට තුළ වැඩිම දේශපාලන කැපකිරීම් සිදුකලේ සිය පක්ෂය විසින් බවත් ඒවායින් වාසි ලබාගත්තේ වෙන වෙන දේශපාලන ව්‍යාපාර බවත් මින් ඉදිරියට එවැනි භාවිතාවක් ජවිපෙන් බලාපොරොත්තු නොවන ලෙසයි. මොණරාගල ප්‍රදේශයේ පැවති  ජනහමුවකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මෙම අදහස් පල කළා.

රටේ තීරනාත්මක දේශපාලන සංධිස්ථානයන් වලදී ජනතා විමුක්ති පෙරමුණ රට ගැන සිතා කටයුතු කල අතර සමහර අවස්තාවන් වලදී පක්ෂයට ඉන් අවාසියක් පවා සිදුවු බවද ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී වෙනත් දේශපාලන පක්ෂ සමග හවුලේ වැඩ කරමින් ඔවුන්ට යම් ජයග්‍රහණයන් අත්කරගැනීමට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් ලාල්කාන්ත මහතා අවදාරනය කරන ලදි.

පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර දිසානායක හමුවු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහි ඉදිරි උද්ඝෝෂණ වලදී එක්ව වැඩ කිරීමට ආරාධනාවක්ද ජවිපෙට සිදුකල බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් ජවිපෙ නායකයා එහිදී ප්‍රකාශකර ඇත්තේ ‘ඔබලා කරගෙන යන වැඩ තනිවම ඉදිරියටත් කරනගෙන යන ලෙසයි’.