රවී කරුණානායකට තවත් මිලියන 5ක් අර්ජුන් ඇලෝසියස් ලබාදීලා…!
හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගණකාධිකාරීවරයා හරහා බැදුම්කර වංචාවට සම්බන්ද අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මගින් රුපියල් මිලියන පහක මුදලක් ලබාදී ඇති බව සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ අද(05) අධිකරණයට සඳහන් කර ඇත. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පැවති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ බව සඳහන් වේ.
2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදුකළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කර ඇත. එසේම ඔහු එම මුදල් රවිකරුණානායකගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම 2015 වසරේ දෙවැනි මස 06 වැනිදා සහා 2016 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා අතර කාලය තුළදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට රුපියල් මිලියන 173.08ක ප්‍රමාණයක් ප්‍රේශනය කර ඇති බවත් එහිදී පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා 2015 ජනවාරී 30 වැනිදා සහා 2016 සැපිතැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් රුපියල් මිලියන 1137ක් වටිනා මුදල් චෙක්පත් 2487ක් නිකුත් කර ඇති බවද පෙන්වා දුන්නේය.
එම චෙක්පත් අතරින් බහුතරයක් නිතුක් කිරීමට අදාල වව්චර්පත් අස්ථානගත වී ඇති බව මෙන්ඩිස් සමාගම දැනුම් දී ඇති බැවින් එම චෙක්පත් කාහට බෙදා දුන්නේදැයි යන්න ස්ථීරවම මේ දක්වා සොයාගැනීමට නොහැකි බවත් ඒවා අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.