ආන්දෝලනාත්මක මිග්  යානා ගනුදෙනුවේ ප්‍රධාන වගකිවයුත්තා දැනට ඊට විවෘත වරෙන්තු ලබා සිටින  රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග නොව ඒ සදහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කල මහින්ද රාජපක්ෂ සහ ඒ වෙනුවෙන් මැදිහත්වු ගෝඨාභය රාජපක්ස බව දැන් රහසක් නොවේ. නමුත් එම තොරතුරු  සඟවා ඊට මුලික වශයෙන්ම වගකිව යුතු පුද්ගලයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ බේරා ගැනීමේ මාධ්‍ය මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.මෙම ගුවන්යානා ගනුදෙනුව වෙනුවෙන් වන  කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ වන අතර ඊට  ලෝකෙ කොහෙවත් නැති බෙලිම්ස්සා නම් සමාගමට මුදල් ගෙවීමට  කටයුතු කර ඇත්තේ   ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස එවකට කටයුතු කල  ගෝඨාභය රාජපක්ෂය. ඒ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගිණුම් නිලධාරී ලෙස කටයුතු කරමින්ය.

ලංකාවේ ආණ්ඩුවෙන් මේ  ලෝකෙ කොහෙවත් නැති බෙලිමිස්සා නම් සමාගමට  ගෙවනු ලැබූ මුදල සහ ලෝකයේ නැතත්  බෙලිමිස්සා සමාගම නමින්  යුක්‍රේන් ආණ්ඩුවට ගෙවා ඇති මුදලේ වෙනස  ඩොලර් මිලියන 7කි.

බෙලිමිස්සා හංගන්න එදා  ගෝඨාභය ගහපු ගැටය !

මෙම කාරණය මාධ්‍ය හරහා මුලින්ම අනාවරණය වූ අවස්ථාවේදී එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුම රැගෙන රූපවාහිණියට පැමිණ ”මෙතන කිසි හොරකමක් නැහැ. මේක ආණ්ඩු දෙකක් අතර ගණුදෙනුවක් ” කියා පැවසිය.

එසේනම් ප්‍රශ්නය වන්නේ මේ ඩොලර් මිලියන 7ක් පිල්ලි යවනු ලැබූ  බෙලිමිස්සා සමාගම මේ ගනුදෙනුවේ සිදුකළ කාර්ය කුමක්ද යන්නය.  ඒ අනුව මේ ලෝකයේ කොහෙවත් නොමැති සමාගමකට යොමුවූ ඩොලර් මිලියන 7 ට සිදුවූ දේ සහ ඒ මුදල  උදයංග හෝ ඔහුගේ ජාවාරම්කාර හිතවතුන් හරහා විදෙස් ගිනුම්වෙත යොමුකලාද යන්න දැනගැනීමට උදයංග වෙතින් ප්‍රශ්න කල යුතුමව ඇත. ඒ අනුව  උදයංග මහතාව ඩුබායිවලින් ලංකාවට ගෙන්වන ලැබෙන වාසිය වන්නේ මිග් ගුවන් යානා මගඩිය සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම  පරීක්‍ෂණවලට පිටුවහලක් වීමය.

මේ අතර  “අපි උදව්වක් හැටියට උදයංග ගෙනත් දෙනව,” කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකල  ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  පසුගියදා පැවසුයේ, ”කොහොමත් අපි උදයංගව ලංකාවට ගෙන්නනවා” කියාය.