මිග් ගනුදෙනුවට වගකිව යුත්තේ මහින්ද සහ ගෝඨා..! – ප්‍රධාන වගඋත්තරකරු උදයංග නොවේ.
ලංකාවේ ආණ්ඩුවෙන් මේ ලෝකෙ කොහෙවත් නැති බෙලිමිස්සා නම් සමාගමට ගෙවනු ලැබූ මුදල සහ ලෝකයේ නැතත් බෙලිමිස්සා සමාගම නමින් යුක්රේන් ආණ්ඩුවට ගෙවා ඇති මුදලේ වෙනස ඩොලර් මිලියන 7කි.
බෙලිමිස්සා හංගන්න එදා ගෝඨාභය ගහපු ගැටය !
මෙම කාරණය මාධ්‍ය හරහා මුලින්ම අනාවරණය වූ අවස්ථාවේදී එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුම රැගෙන රූපවාහිණියට පැමිණ ”මෙතන කිසි හොරකමක් නැහැ. මේක ආණ්ඩු දෙකක් අතර ගණුදෙනුවක් ” කියා පැවසිය.
එසේනම් ප්රශ්නය වන්නේ මේ ඩොලර් මිලියන 7ක් පිල්ලි යවනු ලැබූ බෙලිමිස්සා සමාගම මේ ගනුදෙනුවේ සිදුකළ කාර්ය කුමක්ද යන්නය. ඒ අනුව මේ ලෝකයේ කොහෙවත් නොමැති සමාගමකට යොමුවූ ඩොලර් මිලියන 7 ට සිදුවූ දේ සහ ඒ මුදල උදයංග හෝ ඔහුගේ ජාවාරම්කාර හිතවතුන් හරහා විදෙස් ගිනුම්වෙත යොමුකලාද යන්න දැනගැනීමට උදයංග වෙතින් ප්‍රශ්න කල යුතුමව ඇත. ඒ අනුව උදයංග මහතාව ඩුබායිවලින් ලංකාවට ගෙන්වන ලැබෙන වාසිය වන්නේ මිග් ගුවන් යානා මගඩිය සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම පරීක්ෂණවලට පිටුවහලක් වීමය.
මේ අතර “අපි උදව්වක් හැටියට උදයංග ගෙනත් දෙනව,” කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවසුයේ, ”කොහොමත් අපි උදයංගව ලංකාවට ගෙන්නනවා” කියාය.