ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

password වෙනස් කරන ලෙස ට්විටර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලයි.

ට්විටර් සමාජ ජාලයේ තොරතුරු නිරාවරණය වී ඇති බැවින් මුරපදය (password) වෙනස් කරන්නැයි එම සමාජ ජාලා වෙබ් අඩවියේ හිමිකරුවන් සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටී. ට්විටර්හි සිදුව ඇති තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙසේ තොරතුරු නිරාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
පරිගණක වෛරසයක් හේතුවෙන් මෙම ගැටලුව ඇති වී තිබෙන අතර මෙම ගැටලුව හඳුනාගෙන ඇත්තේ මාස කිහිපයකට පසුව බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිය ග්‍රාහකයන්ගේ තොරතුරු අභ්‍යන්තර ලෙස අවභාවිතා වී නොමැති බව ද එහි හිමිකරුවන් අවධාරණය කර සිටිනවා.
ට්විටර් දේශීය වශයෙන් එතරම් බහුලව පරිහරණය නොවුවද ලොවපුරා ට්විටර් ග්‍රාහකයන් ප්‍රමාණය මිලියන 330 ඉක්මවයි.