දයාන් ‘රෝ’ ඔත්තුකරුවෙක්..! බන්දුල වසලයෙක්..! – ජනිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත බණ්ඩාර කියයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් රෝ සංවිධානය (ඉන්දීය රජයේ රහස් ඔත්තු සේවය) විසින් මෙහෙයවමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත බණ්ඩාර චෝදනා කර සිටියි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර සෘජුවම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට මෙන්ම දයාන් ජයතිලක මහතාට මෙලෙස චෝදනා නැගීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වසන්ත බණ්ඩාර මහතා දයාන් ජයතිලක රෝ ඔත්තුකරුවෙකු බවත් ඔවුන් සුදානම් වන්නෙ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ගොනාට ඇන්දවීම බවත් බන්දුල ගුණවර්ධන නැමැති වසලයින් මේ සදහා සක්‍රීයව මැදිහත්වෙමින් සිටින බවද පැවසීහ.
මෙම මාධ්‍යය සාකච්ජාව විමල් විරවංශයට අයත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ “ඉතිහාසයේ මහා පාවාදීමකට ඒකාබද්දය සූදානම්.. රටම අවුල් කරන්න වසලයෝ සැරසේ..” යන ශීර්ෂයෙන් යුතුවය.
මෙයින් පෙනී යන්නේ ඒකාබද්ධයේ බැසිල් රාජපක්ෂ නියෝජනය කරන පාර්ශ්‍යවය සහ විමල් වීරවංශ අතර පවතින මත ගැටුමයි. විමල් වීරවංශ ඇතුළු සුළු පිරිසගේ මෙම ක්‍රියාව සම්බන්දයෙන් බැසිල් රාජපක්ෂ මහතාද පසුගියදා අදහස් දැක්වීමක් සිදුකර තිබේ.