බුද්ධි අංශ නිලධාරීන්ට වෙඩි තැබු දෙදෙනා පොලිසියට භාර වෙයි.
කතරගම බස් නැවතුම්පළ ආසන්නයේ දී පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා ඊයේ පස්වරුවේ නීතිඥයෙකුගේ මාර්ගයෙන් කතරගම පොලිසියට භාර වී ඇති බව සඳහන්.
වෙඩි තැබීමට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ ඒ සඳහා උපයෝගී කර ගනු ලැබූ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය සඳූදා සිදු වු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු බුද්ධි අංශ නිලධාරියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
