ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඊයේ රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල ඉහළට

ලංකා ඉන්දියානු තෙල් සමාගමේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළ නංවා තිබෙනවා.  IOC පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහල දමා ඇති අතර ඒ අනුව IOC සමාගමේ 92 වර්ගයේ පෙට්‍රල් නව මිල රුපියල් 126ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහල දමා ඇති අතර නව මිල රුපියල් 100ක්. සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට පියවර ගෙන නොමැති බව ද ලංකා අයි.ඕ.සී සමාගමේ ප්‍රකාශකයා අද දෙරණ සමඟ පවසා සිටියේය.

කෙසේවෙතත් ලංකා අයි.ඕ.සී සමාගමේ, “අගය එක් කළ පෙට්‍රල්” නිෂ්පාදන ලෙස සැලකෙන එක්ස්ට්‍රා ප්‍රිමියම් යූරෝ 03 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින්ද,  එක්ස්ට්‍රා ප්‍රිමියම් 95  වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින්ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.