ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රෝහිතට නයා ගහපු අල්ලස් නඩුව 15දා සිට විභාගයට.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 400කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමැතිවරයකු මෙන්ම මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන 15 වැනිදා ඇරඹීමට කොළඹ මහාධිකරණය ඊයේ (08දා) නියෝග කළේය.

පසුගිය පාලන සමයේ මෙම නිත්‍යානුකූල නොවන ආදායම් පිලිබදව ප්‍රශ්ණ කිරීම සදහා රෝහිත අබේගුණවර්ධන මහතා අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබු අවස්ථාවේ නයෙකු දෂ්ඨකිරීම හේතුවෙන් පැමිණිය නොහැකිබව පවසා අල්ලස් කොමිසම මගහැර සිටීම විශේෂත්වයකි.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ පරිගණක මඟින් උත්පාදනය වූ සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ සලසා දී ඇති බවය. ඒ අනුව එම පරිගණක සාක්ෂි පරීක්ෂණය අවසන් වී ඇතැයිද අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව නඩු විභාගය ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා එදිනට සාක්‍ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්‍ෂිකරුවන්ට අවවාද කළේය.