ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇලෝසියස් හා පලිසේනට ඇප ඉල්ලූ ප්‍රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප වෙයි.

රක්‍ෂිත බන්ධාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කොට තිබු ප්‍රතිශෝධන අයදුම් පත්‍රය අද (9) නිෂ්ප්‍රභ කළේය.

සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් මීට පෙර ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබිණි. එය සළකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් එසේ නියෝග කළේය.