ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

යුධ හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා භාවිතයේදී නියෝග මාලාවක්.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් යුද හමුදා සාමාජිකයන් වෙත නියෝගයක් පනවා තිබේ. ඒ යුධ හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඩ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කිරීමයි.

මෙම නියෝගය ලිපියක් මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති අතර ජාතික ආරක්ෂාව, යුදමය කරුණු, දේශපාලනික කරුණු, දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට අපහාස වන අන්දමේ කරුණු, වාර්ගික හා ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු ඇතුළත් නිර්මාණ, පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාලා තුළ උත්පතනය කිරීම, යොමු කිරීම , අදහස් දැක්වීම සහ බෙදාහැරීම යුධ හමුදා සාමාජිකයන් විසින් නොකළ යුතු බවට ද යුධ හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

මෙම නීති උපදෙස් උල්ලංඝණය කරන සියලු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද යුධ හමුදා මූලස්ථානය සදහන් කරයි.