ඉන්දියාව පරදවා ශ්රී ලංකාවට කඩුලු 05 ක ජයක්
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග අද (06) පැවති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් ලබාගැනීමට ශ්රී ලංකාව සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 174ක් රැස් කල අතර වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කලේය.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේය. පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණි.
ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තේය. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.