NewsSlider බ්රසීල හිටපු ජනපති ලුලා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වෙයි January 25, 2018 Kamal Dhammika 2003 වසරේ සිට 2011 වසර දක්වා බ්රසීලයේ පාලකයා ලෙස කටයුතු හිටපු ජනාධිපති ලුලාද සිල්වා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට එරට අභියාචනාධීකරණයක් තීන්දු කර ඇති බව විදෙස් වාර්තා පවසයි. මහා පරිමාණ දූෂණ චෝදනාවලට සම්බන්ධ ඉදිකිරීම් සමාගමකින් මහල් නිවාස සංකීර්ණයක් අල්ලස් ලෙස ලබා ගැනීම මගින් හිටපු ජනාධිපතිවරයා නීතිය කඩ කර ඇති බව ඔප්පු වී ඇති බව විනිසුරුවරුන් ප්රකාශ කර තිබේ. එ අනුව ඔහුට වසර 12 ක සිර දඩුවම් නියම වි ඇති බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි. Post Views: 638 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print