NewsSlider පුත්තලමේ එජාප හා ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත්‍ර දෙකේම එකම අපේක්ෂිකාවකගේ නම January 25, 2018 Kamal Dhammika පුත්තලම නගර සභාව සදහා බාර දී ඇති නාම යෝජනා පත්‍ර දෙකක එකම අපේක්ෂිකාවකගේ නම ඇතුළත් වී තිබීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා යවා ඇති බව පුත්තලම තේරීම් බාර නිලධාරී සහ දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා මාධ්‍ය වෙත පැවසීය. එ අනුව පුත්තලම නගර සභාවට තරඟ කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා බාර දී ඇති කණ්ඩායමක අතිරේක ලැයිස්තුවක එකම අපේක්ෂිකාවගේ නම සඳහන් වී ඇත බව එම මහතා පෙන්වා දෙයි. එම නාම යෝජනා පත්‍ර දෙකෙහිම ඇයගේ ජාතික හැදුනුම්පත් අංකය මෙන්ම ලිපිනයද එකම ආකාරයට සටහන් කර ඇති බවද හෙතෙම කියයි. අදාළ නාම යෝජනා පත්‍ර බාර දීමෙන් අනතුරුව විරෝධතා දක්වන අවස්ථාවේදී කිසියම් පාර්ශවයක් මේ පිළිබදව කරුණු දක්වා සිටියා නම් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකියාවක් පැවති බවද එ මහතා පවසයි. එ හෙයින් මෙ අවස්තාවේදි ගත යුතු ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ඇති බවද, ඉන් ලැබෙන පිළිතුර අනුව ඉදිරියේ ගත යුතු ක්‍රියා මාර්ගය තීරණය වන බවද තේරීම් බාර නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේය. Post Views: 771 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print