ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – කොමිසම කියයි

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 10 වන දා පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) ප්‍රකාශ කළා. ඒ, අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තෙන් සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට හේතු වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මක කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.