ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආයතන 248ක් සඳහා නාම යෝජනා භාර ගැනීම පෙරවරු 09.00 සිට

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැදවීම අද(18) ආරම්භ වනවා. නාම යෝජනා පත්‍ර පිරවීමේදී එහි නිරවද්‍යතාව පිළිබදව නිසි අවධානයක් යොමු කරන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කළේ.

පළාත් පාලන ආයතන 93ක් සදහා පසුගිය බ්‍රහස්පතින්දා නාම යෝජනා කැඳවීම අවසන් වූ අතර එහිදී පිළිගත් දේශපාලන පක්ෂ 06 ක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක ඇතුළුව නාමයෝජනා පත්‍ර 23ක් ප්‍රතික්ෂේප වී තිබුණා.

අද ආරම්භ වන පළාත් පාලන ආයතන 248ක නාම යෝජනා කැඳවීම ලබන 21 වන දා දහවල් 12ට අවසන්වීමට නියමිතයි.

නාම යෝජනා භාර දෙන සෑම ස්ථානයකටම උපකාරක සේවා සපයා ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළේ. සහකාර මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ්  මහතා පැවසුවේ නිවැරදිව ඉදිරිපත් නොකරන නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බවයි.