රංග කලන්සූරියගේ ඉල්ලා අස්වීමට හේතුව හල්ලොලුව සහ ෆර්ඩිනෑන්ඩස් බලපෑම් – (Exclusive)
පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව සඳහන් කලද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ පාර්ශවයෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකිව ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ රංග කලන්සූරිය අද(29) සිය ඉල්ලා අස්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට භාරදෙනු ලැබීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන තුසිත හල්ලොලුව සහ රුවන් ෆර්ඩිනෑන්ඩස් යන අයවලුන් මෙලෙස රංග කලන්සූරියට බලපෑම් කර ඇති අතර ඒ හේතුවෙන් කලන්සූරිය මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තාවේ.