ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරිමට තීරණය කරයි

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකළ අභියාචනා පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (29)  තීරණය කළා. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිඳු බාධාවක් නොමැති බවයි අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කර තිබුණේ.

ඊට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සම අද (29) සළකා බැලූණු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනකු මෙම අභියාචනා පෙත්සම විභාගයට ගත යුතු බවට තීරණය කළා. ඒ අනුව එම පෙත්සම ලබන නොවැම්බර් 13 සහ 21 යන දිනවල විභාගයට ගැනීමටයි තීරණය කෙරුණේ.

බුවනෙක අලූවිහාරේසිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දිල්මි සූරියආරච්චි සයිටම් ආයතනය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.