ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මීගමුවේදී STF හා මංකොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්..!

මීගමුව කුරණ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ මංකොල්ලයක් සඳහා යමින් සිටි බවට තොරතුරු ලැබුණු දෙදෙනකු බවයි පොලිසිය සඳහන් කරයි. මෙම පිරිස මංකොල්ලයකට යන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔවුන් ගමන්ගත් වෑන් රථ මීගමුව කුරණ ප්‍රදේශයේදී හරස්කර තිබෙනවා.

එවිට වෑන් රථයේ සිටි පිරිස වෙඩි තබා ඇති අතර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ද වෙඩි තබා ඇති අතර  අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා සීදුව රෝහලෙන් රාගම රෝහලට මාරුකර යවා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් ‍කළේය.

අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් පසුව වෑන් රථ දෙක පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් බාරයට ගෙන තිබේ.

තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන්රථයේ තිබී ටී 56 අවි දෙකක් සහ පිස්තෝල දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.