ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderUncategorized

පර්පචුවල් ප්‍රධාන විධායක නිලධාරිගේ ලැප්ටොප් පරිගණකය කොමිසම ඉවත්කරයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඊයේ (11) තුන්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇත. ඒ සඳහා ඔහු ලැප්ටොප් පරිගණකයක් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සිය විරෝධය පළ කර ඇත. නීතිඥවරයා සකසා දුන් පිටපතක් අනුව ඔහු සාක්ෂි ලබා දෙන බව සාක්ෂිකරු අසලට පැමිණ පරිගණකය පරික්ෂා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පරිගණකය වසා දමා සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම එම අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාට නියෝග කර ඇත.