ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionSlider

බන්දුලගේ ගෝලයා ප්‍රදීප් ගුණවර්ධන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව උලා කෑ හැටි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ බන්දුල ගුණවර්ධන යටතේ පැවති රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතුකල ප්‍රදීප් ගුණවර්ධන විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් පිලිබඳව පැමිණිල්ලක් අංක ACC/FC/2015/43 යටතේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත යොමු කර ඇත. ඒ හරහා විමර්ශනයේදී හඳුනාගන්නා ලද අක්‍රමිකතා කිහිපයක්ම වේ. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ.

01. 2010යේ මහ කන්නයේ (ජනවාරි) වී අස්වැන්න ලැබෙන කාලසීමාවේදී සහල් මෙට්‍රික්ටොන් 35,000ක් තෝරාගත් ආනයනයකරුවන් තිදෙනෙකුගෙන්                       මිලදීගැනීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කරන ලද අතර එහිදී සහල් ආනයනය කරන සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගේ මිල ගණන්වලට වඩා වැඩි             මිලකට එනම් මෙට්‍රික්ටොන් එකක් ඇමරිකන් ඩොලර් 525 බැගින් මිලදී ගැනීම හරහා මූල්‍ය වංචාවක් සිදු කිරීම. මෙම සහල් අලෙවි කිරීමට නොහැකිව වසරකට           වඩා වැඩි කාලයක් ගබඩා කර තිබී සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 33,555 බැගින් ටොන් 21,000ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විකුණා ඇත. ඒ         අනුව සහල් කිලෝ 1ක මිල වී ඇත්තේ රුපියල් 35කි. ඒ වනවිට දේශීය සහල් වෙළඳ පොළේ සහල් කිලෝ 1ක මිල රුපියල් 60ක් විය. මේ හරහා සිදු වූ පාඩුව               රුපියල් මිලියන 500ක් පමණ වේ.

මීට අමතරව මෙම ගබඩා කර තිබූ සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පවසා ටොන් 35ක් ගංඟාරාම විහාරස්ථානය වෙත සුණු සහල් ලෙස නොමිලේ ලබා දී             ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10ක් ගංඟාරාම විහාරස්ථානයටම පොහොර සෑදීමේ ව්‍යාපෘතියකටද ලබා දී ඇත.

02. මීට අමතරව STC ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ බිරිඳට අයත් SARERO International (pvt) ltd හරහා කිරිපිටි මෙට්‍රික්ටොන් 48ක්                      ආනයනය කිරීමේදී විශාල වශයෙන් අක්‍රමිකතා සිදු වී ඇත.

03. මාසික කුළිය රුපියල් ලක්ෂ 05ක් පමණ වන ගබඩා සංකීර්ණයක් රුපියල් 1,250,000ක් වැනි අධික මුදලකට බදු ගැනීම හරහා බරපතල මූල්‍ය වංචාවක් සිදු කිරීම.

04. LOLC සමාගමෙන් රුපයිල් මිලියන 340ක ණය මුදලක් ලබාගැනීම හරහාද සභාපති ප්‍රදීප් ගුණවර්ධන අක්‍රමිකතාවයක් සිදු කර ඇත.

05.  මෙලෙස අයතා ලෙස උපයාගත් මුදල් මගින් ප්‍රදීප් ගුණවර්ධන විසින් හංවැල්ල ප්‍රදේශයේ වැලිපැන්න හා ලහිරුගම නැමති ග්‍රාමසේවා වසම් දෙකටම අයත් ඉඩමක         හෝටලයක් ඉදිකර ඇති අතර එහිදී එම ඉඩම රුපියල් 16,000,000කට මිලදී ගෙන ඇති බවත් ඊට යාබද තවත් ඉඩම් දෙකක් රුපියල් 2,400,000ක මුදලකට             මිලදීගෙන ඇත. මෙම හෝටලය ඉදිකිරීම ප්‍රදීප් ගුණවර්ධනට අයත් Agree Leisure (pvt) ltd ආයතනය මගින් සිදු කර ඇත.

අදාළ විමර්ශනයේදී ප්‍රදීප් ගුණවර්ධන මහතා විසින් ඉදිකරන ලද හෝටලය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට ඇති අතර එම විමර්ශන වාර්තාවට අනුව ඉහත සඳහන් හෝටලය ප්‍රදීප් ගුණවර්ධන මහතාට අයත් වන අතර එම ඉඩම රුපියල් එක්කෝටි හැටලක්ෂයකට (රු. 16,000,000) මිලදීගෙන ඇති බව හා ඊට යාබද ඉඩම රුපියල් ලක්ෂ විසිහතරකට (රු. 2,400,000) මිලදීගෙන ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම ප්‍රදීප් ගුණවර්ධනගේ බිරිඳ වන සුභාෂිණී අකුරටිය ගමගේ නමට ඉහත හෝටල් ව්‍යාපෘතියට අදාළ ඉඩමේ පිහිටි නිවසක විදුලි බිලෙහි ලිපිනය වෙනස් කිරීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇත.

මෙම විමර්ශනය අවසන් කර දැනට වසර දෙකක් ඉක්ම ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැත. බන්දුල ගුණවර්ධන මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරමින් මේ වනවිට ඒකාබද්ද විපක්ෂය තුළ යහපාලන ආණ්ඩුවේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින නමුත් ප්‍රදීප් ගුණවර්ධන විසින් බන්දුල ගුණවර්ධනගේ අමාත්‍යාංශයට අයත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරය හොබවමින් සිදුකර ඇති මෙම බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන පරීක්ෂණ අතර මැද නවතා දැමීම සම්බන්ධයෙන් ඔහු මුනිවත රකියි.

මෙවැනි දූෂිත භාවිතාවක් සමග ප්‍රදීප් ගුණවර්ධන වත්මන් යහපාලන ආණ්ඩුව යටතේද ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කරයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ නැගෙනහිර කොළඹ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසද මොහු කටයුතු කළේ ය.