ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

වෛද්‍යවරයෙක් සයිටම් සටනට බුකියේ කල යෝජනාව.

Image may contain: text

සයිටම් විරෝධී සටන තුල සිටින ශිශ්‍ය ව්‍යාපාරය සහ විශේශයෙන්ම වෛද්‍යවරු යන සටනේ ප්‍රධාන බලවේග දෙක අමතමි..
සටන එක් අවසන් කඩඉමක් වෙත පැමින ඇත..එය මින් මාසදෙක තුනකට පෙර තිබූ ජනතා ආකර්ශනය සමග යන ගමනෙන් මඳක් ඈත්ව ඇති බවක් සිතමි.. නමුත් මෙය දිනිය යුතුමයි,, එහි වැඩි අයිතිකරුවා ඔබ කවුරු වුවත් කම් නැත..අන්තරය gmoa ජවිපෙ මේ කවුරු මගින් හෝ සටන දිනිය යුතුමය…
පසුගිය මාස දෙකක කාල සීමාවතුල ලද අත්දැකීම් වලින් මේ ලිපිය තීරනාත්මක මොහොතක ලියමි.. එහිදී ඔඅබ ආදරය කරන ආරක්ශා කරන විවිධ සංගම් වල නම් භාවිතා කිරීමෙන් සිත් තැවුලක් වුවහොත් කනගාටුව..
වෛද්‍යවරුන්ගෙන් බහුතර සාමාජිකයන් සිටිනුයේ gmoa එක තුලය.. මා නියෝජනය කරන වෘතිය සමිතිය acmoa තුල ඔලුගෙඩි ගනනින් සාමාජික ගනන අඩු බව පිලිගනිමි.. නමුත් සාමාජිකත්වයට නායකත්වය සපයමින් සයිටම් සටන තුල වසර ගනනක් අකන්ඩව අප සිටින බව මා විශ්වාස කරමි.. කරනු ලැබූ සියලු ක්‍රියාදාමයන් වලදී වෛද්‍යවරුන් ලෙස සමිතියේ නම පසෙක ලා අප වැඩකර ඇත්තෙමු..
නමුත් gmoa නායකත්වය ලෙස නොව සාමාජිකත්වය තුලින් එන බලපෑම මත, සිසුන්ගේ ගුටිකෑම් අතඩංගුවට ගැනීම් වැනි සංවේදී අවස්ථා මත මිස …නිශ්චිත ඉලක්කගත ලෙස සිසු සටනට පන නොදුන් බව නොරහසකි.. හැබැයි කරනවනම් ලොකු බලපෑමක් කරන්න සමත් ප්‍රගතිශීලී සාමාජිකයන් රාශියක් ඔවුන් සතුව ඇත..මේ මොහොතෙත් නායකත්වය වෙත හැකි හැම අයුරින්ම සාමාජිකයන් විසින් බලපෑම් කරමින් සයිටම් විරෝධී සටන ජයග්‍රහනයට සාමාජිකයා වෙහෙසෙයි..එය සතුටකි. ඉතින් මිතුරනි…පසුගිය දින තුනක වැඩ වැරුමද වුව හදිසි අසංවිධානාත්මක එකක් වුව එයින් වෛද්‍යවරුනට තම පුද්ගලික සේවය අමතක කර සයිටම් සටනට පනදීමට හැකි බව ඔප්පු කර ඇත…
මිතුරනි ඔබලා දැනුදු බලපෑම් කරමින් සිටින බව නොරහසකි.. ඒ බලපෑම හමුවේ gmoa නායකත්වය නැවත අසංවිධානාත්මක ලෙස අඛන්ඩ වැඩවර්ජනයකට එකවර තල්ලු වී අවසන් තුරුම්පුව අපතේ යවනු ඇතැයි යන සාධාරන කම්පනයෙන් මෙම යෝජනා සාමාජික ඔබ වෙත ඉදිරිපත් කරමි..
මෙය හුදෙක් මාගේ තනි අදහසක් නොව ඒ ඒ යුග වල වැඩකල මේ සටනේද වැඩකරමින් ඉන්න අප පිරිසකගේ යෝජනාවකි.. gmoa සාමාජිකයන්ගේ අදහස්ද කැටිය.. ජවිපෙ ඇතුලු මේ සටන ජයග්‍රහනය බලාපොරොත්තුවන සියලු බලවේගයන් සමගද හුවමාරු කරගත් බුකියේ සැරිසරන අප පිරිසකගේ අදහසකි..
1]ඉදිරියේ කැඳවීමට ඉඩ ඇති අඛන්ඩ වර්ජනයට පෙර.. නිශ්චිත ඉලක්කගත සැලැස්මක් සති දෙක තුනකට හෝ වලංගු වන අයුරින්.. අප නිර්මානය කල යුතුය…
2] එයට ශිශ්‍ය ව්‍යාපාරයේ සහ අනෙකුත් බලවේග වල ඔවුනට කිරීමට හැකි ක්‍රියාදාමයන් එක් කර ගත යුතුය..
3] ප්‍රධානම කරුන වනුයේ මෙයය.. එනම් අඛ්න්ඩ සටන් ක්‍රියාමාර්ගයේ පලමු කාර්යය ලෙස පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වසා දමා රෝහලේ සේවය පමනක් දින 5කට නොඅඩුව සිදුකල යුතුය..[දැනටමත් අප එසේ කල හැකි බව ඔප්පු කර හමාරය]
එලෙස රෝහලේ පමනක් සේවය කර හවස සහ උදේ පුද්ගලික සේවා නොකිරීමෙන් ඇතිවන සමස්ථ භාහිර රෝගී ප්‍රතිකාර වලින්”සීයට හැටකට “වඩා ප්‍රමානයට උදේ 8 සවස 4 දක්වා රෝහල් වලට ඇදී යාමට සිදුවෙයි.. එවිට රාජ්‍යසේවකයෙක්නම් ඔහුට නිවාඩු දමා රෝහල් පෝලිමට යාමට සිදුවේ.. එවිට ඔහුගේ නිවාඩුව නිසා අදාල ආයතනය අඩපන වෙයි.. පුද්ගලික අංශය ඇතුලු මහා මන්දිරයේ සිට පැල්පත දක්වාම ගමේ නගරයේ රෝහල් සිරි නැරඹීමට සිදුවනු ඇත..එවිට ඔය මද්‍යම පංතිකයැයි සිතා සිටින බුවාලා ගොඩකට දැනෙනු ඇත..
එවිට වෙනදා opdඑකේ සතියක් තිස්සෙ දුන් බෙහෙත් මෙදා දවසෙන් ඉවර වෙනු ඇත..
වාට්ටු වල ඇතුලත් වීම් දෙගුන තුන්ගුන වනුඇත..
එකී දත්තයන් විශ්ලේශනය කර සංසන්දනය කර සමාජජාල හරහා මුද්‍රිත හා විද්යුත් මාද්‍ය හරහා ලෝකයට පෙන්වියයුතුය… මේ රටේ සෞක්‍ය සේවය ඇති අසමත් බව..
කොටින්ම විවිධ ආයතනවල සේවය කරන්නන් හවසට රුපියල් තුන්සීය ගෙවා බෙහෙත් අරන් යන ක්‍රමය වෙනුවට නිවාඩුද දමා දවසේ ආදායම නැතිකරගෙන තනියට එන්නන්වෙනුවෙන්ද විශාල මුදලක් වැයකර ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත..
එවිට අප සමත්විය යුත්තේ” අපේ බදු සල්ලිත් අරං ආයෙ හවසට පුද්ගලික මධ්‍යස්තාන වලට රෝගියාව තල්ලු කර ඇත්තෙත් මේ ආන්ඩු කරන උන්ම බවපෙන්වීමටය..
කොටින්ම ආන්ඩුව බාහිර රෝගීන් ලෙස ප්‍රතිකාරලබන සීයට හැටක් පිරිසක් දෛනිකව හවස සහ උදේ පුද්ගලික මධ්‍යස්ථානවලට තල්ලු කර ආන්ඩුවට සල්ලිත් ඉතුරුකරගෙන ඇඟ බේරාගෙන ඇති බව අප පෙන්විය යුතුය..
4]එකී පුද්ගලික සේවාවන් ඉවත්වීමට කිසිවෙකුට එරෙහිවීමටද නොහැකි අතර අනවශ්‍ය මඩගැසීම්ද නැත..
5]ඒ කාලසීමාවතුල සිසුන් හරහා දැනුවත්කිරීම් සහ විරෝධතා රටපුරා කලහැක..
6]අනෙකුත් බලවේග හා සාකච්චා කර ඔවුනට මේ සටනේ කලහැකි සහ නොහැකි දෑ සාරාංශකර ඒ අතරතුර ඔවුනගෙ සහය ක්‍රමානුකූලව ගත යුතුය… උදාහරන ලෙස විදුලි සේවකයන් කිවහොත් ඔවුනට හැකි මේ වෙනුවෙන් උද්ගෝශන වටයක් සහ එක්දින වර්ජනයක් කියා ,අපි සමත්විය යුතුයි අපේ සැලැස්මේ දිය යුතු දිනය කාලය තීරනය කිරීමට ඔවුනට.
හිතන්න ගුරුවරු කිව්වොත් අපිට එකපාරට වර්ජනයන්ට යන්න බෑ නමුත් අපිට පුලුවං පාසල් සීයක උද්ඝෝශන කරන්න කියල ,,අපි සමත්වෙන්න ඕන ඒ පාසල් සීය කලමනාකරනය කර ,අද පසල් දහයක හෙට පාසල් තිහක අනිද්දට පාසල් පනහක ලෙස උද්ඝෝසහ්න තීවෘ කරන්න.. මේ උදාහරන.. තව ගොඩාක් අදහස් තියනව..
අඛන්ඩ එකක් කියන එක ඇතුලෙ ක්‍රමිකව අනෙක් වෘතිකයො ගන්නව මිසක් උඹලට ඇයි continuousඑකක් කරන්න අපිට පුලුවන්නම් කියන තර්කය වැරදියි.. එහෙමනම් අපි මේ ප්‍රශ්නයට බැස්සෙ වසර අටක් පොල්ගාල නොවැ..
7]pp ස්ටරයික් එකෙන් පස්සෙ අපිට පුලුවන් අකුරට වැඩ.. ඒ කියන්නෙ අපි දැනට opd එකක නියමිත ගාන වගේ තුන් හතරගුනයක් බලනවනෙ.. ඒක සම්මත ප්‍රමානයෙන් කරනව..වාට්ටු ක්ලින්ක් එසේම කරනව…. [මේවයෙ අරමුන ආන්ඩුවල අසමත් බව පෙන්වීම සහ අපව කොච්ජ්චර මරවමරව වැඩගන්නවද කියල පෙන්වීම.. මිස රෝගීන් එක්ක තරහකින් නොවේ.).
8]ඉන්පසු බාහිර රෝගී ප්‍රතිකාර නැවතීම සහ ජනතාව හා බැඳි විරෝධතා…
9]අනෙකුත් සෞක්‍යසේවයේ වෘතීය සමිති කැටුව ,,ගුරු වෘතික අනෙකුත් සියල්ලන්ගේම දායකත්වයෙන් කෙරෙන අරගලයක් ,,අඛන්ඩ අරගලයක් බවට මෙය නිසැකවම පත්කල හැක..
10]මේකත් වැදගත් .. ආන්ඩුවෙන් දෙන සාකච්චා සහ තීරන වලට ප්‍රතිචාර දක්වන්න කමිටුවක් නම් කල යුතුමයි.. එහි නිසැක නියෝජනය ශිශ්‍යව්‍යාපාරය සහ ජී එම් ඌ එකද..ජවිපෙ ඇතුලු දේශපාලන බලවේගද වෘතීය සමිතිද අඩංගු විය යුතුමය…

ප්‍රශ්නෙ තියෙන්නෙ මෙවැනි යෝජනා ශිශ්‍යව්‍යාපාරය ඉහල නායකත්වයන් සහ විශේශයෙන් gmoa ඉහල නායකයන් පිලිගනීද යන්න.. ඒකට තමයි මේක ඉහලනායකත්වයන්ට නොදා පොදුවෙ ඔබට දාන්නෙ,,, මේක තව සංශෝදනය කරන්න වඩාත් හොඳ නිම්වුම කරගන්න ජනතා ආදරය දිනාගෙන සයිටම් සටන අහෝසිකරන්න පෙලගැසෙන්න,,, මේක ශෙයාකරල විතරක් ඉන්න එපා කතාකරන්න නැවැත නැවතත් කතාකරන්න.. අපිට අපේ යුනියන් එකේ නමවත් අපිට දැනුම ජවය දෙන අපේ ආදරනීය පක්ශයේ නමවත් ඉස්සරහට දාගෙන ,සටන දිනුවෙ අපි කියවගන්න අපිට වුවමනාවක් නෑ.. එක ජීවිතයක් හරි නැතිවෙන්න කලින් පන්තිවර්ජනයෙන් වෙන ඩැමේජ් එක වැඩිවෙන්න කලින් මේ සටන ඉවරකරමු..මේ යෝජනාවලිය තවතවත් ඔපවත් කරල එඩිට් කරල ප්‍රධාන බලවේග දෙක මේවෙනුවෙන් පෙලගස්වන්න මිතුරනි…දිනුවට පස්සෙ පේටන්ට් එක ඕන කෙනෙක් ගන්න….දැනට මේක දාන්නෙ doctors for no pmc සහ doctors for justice ගෲප් දෙකට පමනයි.පබ්ලික් දාන්න කියල ඉන්බොක්ස් එකේ ලොකු ඉල්ලීමක් ආව…නමුත් ඕක දැනගන්නව..ඒනිසා කතා කරන්න..වැඩි කල් නෑ..

වෛද්‍ය thushara jayasooriya