ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද සීගිරියේ අක්‌කර 300ක් කැනඩා ජාතිකයෙකුට දීලා – දිසාපති විමර්ශණයක් අරඹයි..!

සීගිරියේ අක්‌කර 300 ක්‌ කැනඩාවේ ජාතිකයෙකුට හෝටලයක්‌ ඉදිකිරීමට දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‌ෂණ කණ්‌ඩායමක්‌ පත්කර ඇත.

ඕනෑම කෙනකුට දිසාපති කාර්යාලයට පැමිණ මෙම ඉඩම් සම්බන්ධයෙන් කිවයුතු දෙයක්‌ ඇත්නම් කිව හැකි යෑයි දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතා පැවසීය. අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකෙරේ.

හිටපු ජනාධිපතිවරයා දුන් දීමනා පත්‍ර රඳවාගෙන එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකරන්නට සහ මහා පරිමාණ වැවිලි සමාගම්වලට දී ඇතැයි එම්. එන්. එම්. උසාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.