පදක්කම් විකුණන්න බැරි ලෙස නව නීතියක්
රට නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන ලෙස නව නීති ගෙන එන බව ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අද(07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවකට එක් වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියේ ය.
පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්යවරයා මෙම තීරණය ගෙන තිබේ. යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්රීඩා අමාත්යංශය වැඩිදුරටත් පවසයි.
මේ හේතුව නිසාවෙන් අනාගතයේ දී පදක්කමක් තමන් සතු කර ගත නොහැකි ලෙසත් එහි අයිතිය ලංකාවට හිමිවන ලෙසත් නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජයසේකර මහතා කියා සිටියේය.