බැඳුම්කර කොමිසමේ සාක්කි අසා සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට
ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය.
දිවා විවේකයෙන් අනතුරුව කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බවට පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කොමිසමට දැනුම් නොදීම බරපතල වරදක් යැයි පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිෂන් සභා ශාලාවට වී එහි කටයුතු සිදු වන අයුරු නීරීක්‍ෂණය කරමින් සහ ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටින බව කොමිසමට දැනුම් නොදීම සම්බන්දයෙන් මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසමට සිය කණගාටුව පළ කළේය.