ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගංවතුර ආධාර ලෙස ජපානයෙන් මහින්දට යෙන් මිලියන 300ක්

මේ දිනවල ජපානයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට එම සංචාරය තුලදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ හිතවතුන්ගෙන් ශ්‍රී ලංකාවේ පසුගියදා ඇති වූ ගංවතුර හා නායයෑම් වලින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සදහා ජපන් යෙන් මිලියන 300ක පරිත්‍යාගයක් ලැබී ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම මෙම පරිත්‍යාගයන් භාරගනිමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ගංවතුර හා නායයෑම් මගින් විනාශයට පත්වූ පාසල් ගොඩනැගිළි මෙන්ම උපකරණ ආදිය සදහාද එම දරුවන්ගේ පොත්පත් හා අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙම මුදල් යොදවන බවයි. විශේෂයෙන් මෙම සංචාරයේදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රට මුහුණ පා ඇති ස්වභාවික විපත් සම්බන්ධයෙන් තම කණගාටුව මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර ඇති අතර ඉදිරියේදීද විපතට පත් ජනතාව වෙනුවෙන් තවත් ආධාර ලබා දීමට ක්‍රියාකරන බවද ප්‍රකාශ කොට ඇත. මෙම සංචාරය සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, කළුතර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ හා හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර, යන මහත්වරු ද සහභාගී වී සිටී.

මෙම සංචාරය තුලදී ජපන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ලේකම් හා ජපාන නියෝජිත මන්ත්‍රි මණ්ඩල සභික, වෙළද හා ආර්ථික අමාත්‍ය ටෝශිහිරෝ නිකායි (Nikai Toshihiro) මැතිතුමා.හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක්ද ටෝකියෝ ලිබරල් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.