NewsSlider මහින්ද ආරක්ෂකයන් ඉවත් කිරීමට එරෙහිව අනුර පාර්ලිමේන්තුවේ හඩ නගයි May 4, 2017 Kamal Dhammika හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 45 දෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයාගේ අවදානය යොමු කරන ලදි. මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මැයි දින රැස්වීම පදනම් කරගෙන ආරක්ෂාව ඉවත් කර ඇත්තේ දේශපාලන කාරණයක් මත බවත්, මෙවැනි බලපෑම් ඇති කිරීම සාධාරණ නොමැති බවත්ය. හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් එල්ලවී ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන් අතර කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා , අගමැතිවරයා හා සාගල රත්නායක ඇමතිවරයා සමග අද(04) දින මේ සම්බන්ධව සාකච්ඡා කරන බවයි. Views: 4,763