ලසන්ත ඝාතනය ඇතුළු ගෝඨාභයගේ මිනීමැරුම් රැසක තොරතුරු හෙළිවෙයි – (EXCLUSIVE)
ලසන්ත ඝාතනය ඇතුළු යුද්ධය පැවැති සමයේ දකුණේ සිදු වූ මිනිස් ඝාතන, පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, අතුරුදන් කිරීම් රැසක් සිදු කරනු ලැබුවේ එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ ප්‍රධානත්වයෙන් සිටි කල්ලියක් විසින් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව රහස් පොලිසියේ නිලධාරීන් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ ඊයේ (20 වැනිදා) කරුණු දක්වමින් කියා සිටියේය.
මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මේ සදහා අදාල උපදෙස් ලබාදීම හා මෙහෙයවීම සිදුකර ඇත්තේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ විසිනි.
එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත. ගෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍යට එරෙහිව දියත් කරන ලද මර්දනයේ ප්‍රථිපලයක් ලෙස මෙම සිදුවීම් ඇතිවු බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
යුද්ධය පැවැති සමයේ කොළඹ ආරක්ෂාව සහ කොළඹ බුද්ධි මෙහෙයුම් සියල්ල සිදු වූයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන හරහායි. ඒ ක්‍රියාන්විත සියල්ල සිදු කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් විසින්. එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ පැවැති බුද්ධි මෙහෙයුම් රැස්වීම් කිසිවකට මා කැඳවා තිබුණේ නැහැ.
උතුරු යුද්ධය ක්‍රියාත්මක කරගෙන යැමට මා වෙත භාර දී තිබුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන් ඝාතන, පැහැර ගෙන යැම්, අතුරුදන් කිරීම්, පහර දීම් ඇතුළු අපරාධ රැසක් සිදු කරනු ලැබුවේ හෙන්දාවිතාරණ යටතේ සිටි කල්ලියක් විසිනුයි.
බුද්ධි අංශ නිලධාරීන් යොදා ගෙන පවත්වා ගෙන ගිය ත්රිපොලි හමුදා කඳවුර ගැන මා දැනුවත් වී සිටියේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක වුණේ ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාගේ අනු දැනුම මත බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රහස් පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ බව එහි නිලධාරීහු මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.
සන්ඩේ ලීඩර් කර්තෘ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කර ඇති විමර්ශනවලදී ඉතාම වැදගත් තොරතුරු රාශියක් හෙළි කර ගෙන තිබෙන බවද රහස් පොලිස් නිලධාරීහු මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියහ. ලසන්ත ඝාතනය සිදු වී ඇත්තේ වෙඩි තැබීමකින් නොව උල් සහිත කිසියම් යන්ත්‍රයකින් තුන්වරක් ඇනීමෙන් බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව රහස් පොලිස් නිලධාරීහු කියා සිටියහ.
ලසන්ත ඝාතනයට පැමිණි නිලධාරීහු පාවිච්චි කළ ජංගම දුරකථන සිම් කාඩ් පත් පහම උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සහ කීත් නොයාර් පැහැර ගෙන යැමට සම්බන්ධ වූ බුද්ධි අංශ නිලධාරීන් පාවිච්චි කර ඇති බව හෙළි වී ඇතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.