ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

“SAITM ප‍්‍රාතමික මට්ටමේ අධ්‍යාපන ආයතනයක්”- විශ්වවිද්‍යාල ආචාර්යවරු

 

.වෙළදාමට වෛද්‍ය විද්‍යාලයක්  පටන් ගත්ත එකයි බරපතල ප‍්‍රශ්ණෙ

-ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

මගේ අදහස, මේ ප‍්‍රශ්ණය පැවති රජයත් මේ රජයත් දෙකම එකතුවෙලා අර්බුධයට ගෙනියපු බවයි. සයිටම් අායතනය ස්ථාපනය කරද්දි විරෝධයක් මුල ඉදලම ප‍්‍රකාශ වුණා. විශ්වවිද්‍යල ආචාර්යවරුන්ගේ සංගමය දිගටම කිවුවා අධ්‍යපනය විකුණන්න එපා කියලා. මිනිස්සුන්ගේ ෙලඩ රෝග වලින් හම්බ කරපු පිරිසක් එතනින් අයින් වෙලා වෛද්‍යවරු හදන ආයතනයක් පටං ගත්තා. වෙළදාමට ෙෙවෙද්‍ය විද්‍යාලයක් පටන් ගත්ත එකයි බරපතල ප‍්‍රශ්ණෙ‍.

අනික මේ ව්‍යාපාරය පටන් ගත්තේ තමන් ගේ සල්ලි වලින් නෙමේ. බැංකුවල තිබිණු මිනිස්සුන්ගේ මුදල් තමයි යෙදෙවුවේ. රජයට වගකීමක් තිබුණා යම් විරෝධයක් ආවොත් ආයතනයට මොකද්ද වෙන්නේ කියන දේ ගැන හිතන්න. ඉතාම වංචනික විදිහටයි මේ වෙලදාම ආරම්භ කලේ. පසුගිය රජය මේ තත්වයට ඇහුම්කන් නොදී හිටියා. විශේෂයෙන් ආචාර්වරුන්, විද්වතුන්, ශිෂ්‍යයන් විසින් දක්වපු අදහස් අවධානයට ලක් කලේ නෑ, අායතනයේ ගුණාත්මක වර්ධනය අවධානයට ලක් කලේ නෑ. ලෝකයේ තියන පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උසස් ප‍්‍රමිතියක් තියනවා. නමුත් ඔවුන් එයවත් සකස්කර ගත්තේ නෑ. ශිෂ්‍යයන් පාරට බහින්න කලින් ක‍්‍රමයක් ගැන හිතන්න ආණ්ඩුවලට වගකීමක් තිබුණා. වෙළදාමක් කරත් එක ප‍්‍රමිතියකට කරන්න තිබුණා. සයිටම් ආයතනයේ ඉන්නේ වැඩි පිරිසක් සුදුසුකම් නැති අය. ඇයි මෙම අයතනය වෙනුවෙන් නියාමන කාරණයක් නොවුනේ. හිටපු උසස් අධ්‍යපාන ඇමති තමන්ගේ කාර්ය කලේ නෑ‍. කිරිඇල්ල ඇමතිවරයා තමන්ගේ කාර්ය කලේත් නෑ. ඒ වෙනුවෙන් පෙනී හිටියා‍ පාර්ලිමෙන්තුවෙ මේක කතා කලාට ඉන් එහාට පියවරක් ගත්තේ නෑ‍ රජයට පවරාගන්න කිවුවා. අඩුම වශයෙන් ඒකටවත් අහුම්කන්දුන්නේ නෑ.”

Prof-Sarath-Wijesooriya(1)

.විශාල ඛේදවාචකයක්

-මහාචාර්ය සරත් විජේසූරිය,  කොළඹ විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යන අංශය 

“සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධව මට තියෙන ප‍්‍රධාන ගැටළුව තමයි ප‍්‍රමිතිය. පුහුණුවට රෝගීන්ගෙන් සමන්විත රෝහලක් නැති බව ඉතාම පහැදිලි කාරණාවක්. අධිකරණයෙන් මේ සදහා අවසර ලබා දිම කියනඑක නෛතික ක‍්‍රියාවලියක්. මේ අායතනයේ වෛද්‍යවරු නිසි පුහුණුවක් නොලබපු අය නම් ඒක විශාල කේදවාචකයක්. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මම විරුද්ධ නෑ. හැම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකම ශ‍්‍රාස්තී‍්‍රය මටිටමෙන් පමණක් නෙවෙයි ප‍්‍රායෝගික පුහුණවක්ද තිබිය යුතුයි. සියල්ලම ප‍්‍රමිතියක පවතින්නට ඕන. අධිකරණ තීන්දුව ඇතුලේ ප‍්‍රමිතිය තියෙනවාද කියන කාරණය සැලකිල්ලට බදුන් වුණාද කියන එක ගැටළුවක්. මේ සම්බන්ධව වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේගැන සලකා බලන්නට. මනුස්ස ජීවිත සම්බන්ධ රාජකාරියකට තමයි මේ වෛද්‍යවරුත් සම්බන්ධ වෙන්නේ. ඕනම වෘත්තිකයෙක් නිසි දුසුකම් නැතිනම් රටට වෙන්නේ අයහපතක්. මේ සදහා පියවරක් ගන්න තවම කල් ප‍්‍රමාද නෑ.”

 

thumbnail_IMG_3792-Version-3-1-259x300

.ශිෂ්‍යන්ගේ අරගලය නිවැරදියි

-අාචාර්ය මාධව මීගහකුඹුර, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

“සයිටම් කියන්ෙන් මුදල් උපයාගැනීම සදහා පවත්වාගන යන ආයතනයක්. මට තියෙන බරපතල විවේචනය ඒකයි.  ලාබ නොලබන ලෙස කාටහරි පුද්ගලික විශ්වද්‍යල ආරම්භ කරන්න පුළුවන්නම් මම එකට විැද්ධ වෙන්නේ නෑ. සල්ලි වලට වෛද්‍ය උපාධියක් විකුණනවා කියන්නේ භයානක තත්වයක්. ලංකාවේ අධ්‍යාපනයට මේ තත්වය සදුසු නෑ ශිෂ්‍යන්ගේ අරගලය නිවැරදියි. ලංකාවෙ පුද්ගලික විශ්වවිද්‍යල වලට සුදුසු පරසරයක් නෑ. සයිටම් එකට බදවාගන තියෙන ළමයින්ගේ සුදුසුකම් තත්වය හොද නෑ. කිරි කලයට ගොම බින්දුවක් දා ගත්ත වගේ මේක මහ අවුලක්වෙලා තියෙනනේ.”

 

 

 

 

 

 

 

 

 

 

 

 

.ආණ්ඩුව දක්වන අඩු තක්සේරුව තමයි මේ පේන්න තියෙන්නේ

-ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොලඹ විශ්වවිද්‍යාලය

“සයිටම් ආයතනයට විශ්විද්‍යාල ආචාර්යවරු බහුතරයක් විරුද්ධයි. ඒ වගේම අධ්‍යපනය විකිණීම සම්බන්ධයෙන් බරපතල විදිහට සාකච්ඡා කරලා තියෙනවා. සයිටම් ආයතනය ගත්තොත් එතනදි විශේෂයි. එකක් නෛතික භාවය පිලිඹද ප‍්‍රශ්ණය. ආණ්ඩුව මොනවා හරි කරලා අනුමැතිය ගන්න තමයි බලන්නේ. එකෙන්ම අපිට පේනවා මෙතන තියෙන වංචනික භාවය. අධිකරණය අවභාවිත කිරීම වැනි ක්‍රියාවන් කරලා තම අරමුණ ඉටුකර ආණ්ඩුව සූදානම් වෙනවා. සම්බන්ධකම් පාවිච්චි කරලා, සයිටම් ආයතනය පවත්වාගන දේශපාලන අධිකාරිත්වය මතයි. වෙන කාරණයක් නෙවෙයි. තිබුණු ආණ්ඩුව වගෙම මේ ආණ්ඩුවත් ඒකම කරගන යනවා. ආණ්ඩුව කටයුතු කරන්නේ ආයෝජකයන්ට විශ්විසය ඇතිකරන්න ලූ. ඒ කියන්නෙ මේ සිද්ධියෙන් පස්සේ තවත් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න යනවා. ෙම්ක නොනවතින ක‍්‍රියාමාර්ගයක් ඒකයි මෙතන ගැටලූව. මේ තීන්දුව බලපාන්නේ සයිටම් ආයතනයට විතරක් නෙවෙයි. මේ සදහා ආයෝජනය කරන්න කැමැත්තෙන් සිටින අයට පෙලඹුමක් දෙනවා. කවුරු හරි විශාල මුදලක් ගෙවලා පුද්ගලික විශ්වවිද්‍යාලකයකට ගියහම එයාට උපාධිය නොදී එවන්නේ නෑ. සල්ලි ගෙවවට පස්සේ එයාලා බල්නේ උපාධිය ලබාදෙන්න. එහෙම තමයි මුදල් හම්බ කරන්නෙ. සල්ලි ගෙවලා උපාධිය අරගන්නවා. වෛද්‍ය වරයෙක් උපාධිය ගත්තට සදුසුකම් නැතිනම් රෝගීන්ට මොකද වෙන්නේ. මෙක සමාජයට ඍජුව බලපානවා. හරියට සයිටම් දොස්තරලා කියන්නේ බලපත‍්‍ර නැති රියදුරන් වගේ‍. මේ ජීවිත නැති කරක වැඩක්. ඉන්දියාවේ ඒක හොදටම පෙන්න තියෙනවා. සයිටම් කියන්නේ කාගෙවත් අයිතිවාසිකම් පිළිඹද ප‍්‍රශ්ණයක් නෙමේ. රටේ මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ රටේ සෞක්‍ය ආරක්ෂණය පිලිඹද ප‍්‍රශ්නයක්. ෙම් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන අඩු තක්සෙරුව තමයි මේ පෙන්න තියෙන්නේ.

 

.සයිටම් ආයතනය ඉතාම ප‍්‍රාතමික මට්ටමක පවතින්නේ

-ආචාර්ය ටියුඩර් වීරසිංහ- කොලඹ විශ්වවිද්‍යලය ශ‍්‍රීපාලි මණ්ඩපය

“වර්තමානයේ නව ලිබරල් තත්වය යටතේ සෞඛ්‍ය, අධ්‍යාපනය පුද්ගලික කරන පිලිවෙතක් ආණ්ඩු පවත්වාගන යනවා සයිටම් කියන්නේ ඒකෙම කොටසක්. මේවල ප‍්‍රමිතිය රාජ්‍ය මට්ටමින් කෙරෙන්න ඕන. අධ්‍යපන සුදසුකම නැතුවත  විශාල ධනයක් තියෙනවානම් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන් කියන මතයක් දැන් ඇතිවෙමින් තියෙනවා. ආණ්ඩුවට පුද්ගලික කරණය කරන්නම ඕන නම් මේවට ප‍්‍රමිතියක් හදන්න ඕන. රජ්‍ය අධ්‍යාපනය ඇතුලේ යම් නිර්ණායකයක් තියෙනවා. සුදුසු කම් මට්ටමක් තියෙනවා. ඒ යටතෙම මේ ආයතන වලට ළමයි ඇතුල් කර ගන්න ඕන කියන එකයි මගේ මතය. ඒ වගේම උපාධිය ලබා ගැනීම රාජ්‍ය අධ්‍යපන පද්ධතිය ඇතුලෙන් අධීක්ෂණය වෙන්න ඕන සමාජවාදී ක‍්‍රමයක් තියෙනවානම් සෞඛ්‍ය අධ්‍යපනය අපිට රාජ්‍ය පද්ධතිය තුලම තියාගන්න පුළුවන්. නමුත් තියන ක‍්‍රමය ඒක නොවෙයි. සයිටම් එක තියන ආකාරය බලපුවම ඒක ඉතාම ප‍්‍රාතමික මට්ටමේ පවතින්නේ. මම මුලින් කියපු රජ්‍ය මට්ටමින් අධීක්ෂනයක් වෙන්නේ නැත්නම් අධ්‍යපන ක්ෂේත‍්‍රයට වෙන්නේ අපරාධයක්. එහෙම වෛද්‍ය විද්‍යාලයකින් වෙන්නෙ ජීවිත විනාශයක්. විශේෂයෙන් අධ්‍යපන ආයතන තුල ප‍්‍රමිතියක් පවත්වාගන යනවා. වගේම ලබාදෙන උපාධිය පොදු රාජ්‍ය ව්‍යුහයකින් අධීක්ෂණය වෙන්න ඕන.”