ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“රුපියල් පනස් දහස බැගින් වන්දියක් ඕනෑ”- සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි පවුල් සදහා, ආණ්ඩුව විසින් යෝජනා කරන රුපියල් දස දහසේ මාසික දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි

කිසිදු කොන්දේසියක් පැනවීමකින් තොරව අක්කරයකට රුපියල් පනස් දහස බැගින් වන්දියක් ගොවීන්ට ලබාදිය යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර අැත.

ගොවියන්ට මෙවන් විපතකට මුහුණ දීමට සිදු වූයේ වසර 40කට පසු බවත් පාලකයින් විසින් ගෙනයන ඉතා දුර්වල ජලකලමණාකරනය මෙසේ වගා හානිවීමට ප්‍රධාන හේතුවක් බවත් නාමල් කරුණාරත්න මහතා ෙම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකර අැත.

තම වගාවන් සිදු කර නිසි කාලයට වගා බිම් සඳහා ජලය නොලැබීම ඇතුළු කරුණු ගණනාවක් මත හානි වූ වගා සඳහා වන්දි තක්සේරු කර වන්දි බලාපොරොත්තු වන බවත් එය ගොවි තැනින් ජීවිත් වූ ගොවීන්ට නැවත ඉදිරි කන්නයේදී තම වගා සරු කරගන්නා තුරු ඉදිරි ජීවිත කාලය සඳහාද වනසේ තක්සේරු කළ යුතු බවත් ඒ මහතා පෙන්වාදී අැත.