ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘බල්ලගෙ වැඩේ බූරුවා කිරීම’ ගැන හදුන්නෙත්ති කථානායකවරයාට ලියයි..!

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයා වෙත ලිපියක් යවා තිබේ. ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් කෝප් සභාව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වාර්තාවට අදාළව අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගේ අදහස් විමසීම ප්‍රශ්න කරමින්.

පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු ලේඛනයක් පාර්ලිමේන්තුව සතු ලේඛනයක් බවද එවැනි ලේඛනයක් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ කථානායකවරයා බව මෙමගින් පෙන්වා දී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ වාර්තාව ලබන වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විධිමත්ව සිදුකරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද කෝප් කමිටුවේ සභාපතිවරයා සිය ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ. කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සදහන් කරයි.

එසේම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සකස් කළ කෝප් වාර්තාව 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ලක්කළ යුතු බවත් සභාපතිවරයා කතානායකට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.