ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිමල් බෝපගේ ඉවත් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් බරටම වැඩ..!

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් යහපාලන  ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ලිපි මගින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ජාතික රජයේ ක්‍රමවේදය අවස්ථා කිහිපයකදීම අභියෝගයට ලක්කිරීමට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇතැයි ඔවුහු පවසති.

අධීක්ෂණ මන්ත්‍රීවරුන් 58ක් වෙනුවෙන් කුලී පදනම මත වාහන ලබාදීමේ යෝජනාවට නීතිපතිගේ අනුමැතිය නොමැතිව තමන් අත්සන් නොකරන බව ලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළේය. එම මන්ත්‍රීවරු 58 මෙසේ තමන්ට ලැබීමට නියමිත වරප්‍රසාද නොලැබීම හේතුවෙන් තම ආණ්ඩුවට අවනත නැති නිලධාරියෙකු ලෙස සලකා නිමල් බෝපගේ මහතා ඉවත් කිරීම සදහා තටයුතු කරමින් සිටී.