ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එපා කියද්දී කිට්ටුවටම ඇවිත්; මැදිරිගිරියේ බේරාගත් අලියා කාන්තාවකට පහරදෙයි (විඩියෝ)

මැදිරිගිරිය 2 වෙනි ඇල ප්‍රදේශයේ මඩ සහිත කුඹුරක වැටී සිටි අවුරුදු 8 ක පමණ වයසැති අලියෙකු ගොඩගැනීමට ඊයේ පස්වරුවේ වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත් විය.

පසුපස දකුණු පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මෙම අලියා මඩ සහිත කුඹුරේ ඇද වැටී සිටි අතර, වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරා අලියා නැගිටුවීමට කටයුතු කළේය.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම නරඹමින් සිටි විශාල පිරිස වනජීවී නිලධාරීන් ලබා දුන් උපදෙස් නොසලකා කටයුතු කිරීම හේතුවෙන්, නැගිට ගත් අලියා කලබල වී රැස්ව සිටි ජනතාව පසුපස හඹා ගොස් තිබේ. එහිදී සිදු වූ කලබලකාරී තත්ත්වය හමුවේ එක් කාන්තාවක් අනතුරට ලක්ව ඇත.

ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ ස්ථානභාර පශුවෛද්‍ය නිලධාරී සමීර කාලිංගුආරච්චි ඇතුළු වනජීවී කණ්ඩායම විසින් අලියාට අවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇත.

එම සත්වයාගේ ආරක්ෂාව සහ ඉදිරි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මැදිරිගිරිය වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් එම ස්ථානයේ රැඳී සිටිති.