ඊයේ කොළඹට පැයකට අඩු කාලයක් තුල මිලිමීටර් 129 ක තද වර්ෂාවක් ඇදහැළිලා
ඊයේ (06) සවස පැයකට අඩු කාලයක් තුල කොළඹ නගරයට මිලිමීටර් 129 ක තද වර්ෂාපතනයක් ඇදහැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අධික වර්ෂාව හේතුවෙන් අගනුවර ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, මාර්ග කිහිපයක් ජලයෙන් යටවී කොළඹ පුරා දැඩි රථවාහන තදබදයක් හටගත්තේය. ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා ඇති වූ අතර, සවස් කාලයේ ගමන් බිමන් වල නිරත වූ රථවාහන පදවන්නන්ට දැඩි පමාවීම්වලට මුහුණ දීමට සිදුවිය.
නගරය තුළ සහ නගරය ආශ්රිත ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනයට ද මෙම තද වැසි හේතුවෙන් බලපෑම් එල්ල වූ අතර, මාර්ග ජලයෙන් යටවීම සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රථවාහන පදවන්නන්ට දීර්ඝ වේලාවක් පමාවීමට සිදුවිය.
මේ අතර කොළඹ ජලාපවහන පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට මුහුණ දිය හැකි පරිදි බවත්, සිකුරාදා පැය කිහිපයක් ඇතුළත නගරයට මිලිමීටර් 129 ක වර්ෂාපතනයක් ඇදහැලීම නිසා මෙලෙස දැඩි ගංවතුර තත්ත්වයක් සහ බාධා කිරීම් ඇතිවූ බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැහැදිලි කරයි.
ඊයේ (06) සවස කෙටි කාලයක් තුල පැවැති අධික වර්ෂාපතනයෙන් පසු කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ තත්ත්වයට කඩිනම් විසඳුම් හඳුනාගැනීම සඳහා කොළඹ නගරාධිපතිනි සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) උදේ පවැති අතර එහිදී කඩිනම් විසදුම් කිහිපයක් ගැනීමටද තීරණය වී තිබේ.