ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ

සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ.

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇත.

සැකකරුගේ මරණයට අදාළව රාජකාරී අතපසු වීම් සහ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.