ක්රිකට් ක්රීඩකයන් මුදලට ක්රීඩා කිරීමේ තරග සීමා කරන දැඩි රෙගු ලාසි පැනවෙයි
ක්රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ටත් නීති මාලාවක් / නව පනත වසර අවසන් වීමට පෙර නීතියක් වන බව – ඉරාන් කියයි
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ට වසරකට උපරිම ෆ්රැන්චයිස් ක්රිකට් ලීග් (මුදලට ක්රීඩා කරන) තරගාවලි තුනකට සීමා කරමින් දැඩි රෙගුලාසි පැනවීමට ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව කටයුතු යොදා ඇත. එමෙන්ම ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් ක්රියා කළ යුතු ආකාරය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද සකසා ඇත.
මේ අතර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලනය සඳහා වන පනත් කෙටුම්පත, මේ වසර අවසන් වීමට පෙර නීතියක් බවට පත්වනු ඇතැයි අතුරු කමිටු සභාපති ඉරාන් වික්රමරත්න මහතා පැවසීය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ක්රියාවලිය හරහා ගොස්, නොවැම්බර් මාසය වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී අවසන් වනු ඇතැයි වික්රමරත්න මහතා විශ්වාසය පළ කළේය.
නව පරිපාලනයක් පත් කිරීම සඳහා නිලවරණ පැවැත්වීම ප්රමාද වීම, ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් නිතිපතා ලබා දෙන අරමුදල් ලැබීමට බාධාවක් වේදැයි විමසූ විට, වික්රමරත්න මහතා පැවසුවේ “අපි සිදු කරන කටයුතු සඳහා අයිසීසීය සහය අපට ලැබෙනවා. යහපාලනය ස්ථාපිත කිරීමට අපට හැකියාව ඇති බව ඔවුන් දන්නවා. අරමුදල් ලැබීම ගැන පමණක් නොව, එම අරමුදල් වියදම් කරන ආකාරය පිළිබඳව අප සැලසුම් කරනවා. සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීම සඳහා නාස්තිය අවම කිරීමට අපි කටයුතු කරනවා” වික්රමරත්න මහතා පැවසීය.
නව රෙගුලාසි අනුව ෆ්රැන්චයිස් ක්රිකට් ලීග් තුනට විදෙස් ක්රිකට් තරගාවලි 2ක් හා ලංකා ප්රිමියර් ලීගය (LPL) ද ඇතුළත් කොට ඇත. ෆ්රැන්චයිස් ක්රිකට් ලීග්වලට සහභාගි වීමේදී පනවා ඇති නව රෙගුලාසි යටතේ, ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ට ජාත්යන්තර තරග ඇත්නම් අවම වශයෙන් දින 10කට පෙර ශ්රී ලංකාවට පැමිණිය යුතු අතර, එමඟින් ශ්රී ලංකාව වෙනුවෙන් සූදානම් වීමට ප්රමාණවත් කාලයක් ලබාදීම අරමුණු වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මීට පෙර ද ෆ්රැන්චයිස් ලීග් ක්රිකට් තරගවලට පිටත්වීමට පෙර පිළිපැදිය යුතු සීමාවන් හඳුන්වා දී තිබුණද ක්රීඩකයන් කිහිප දෙනකු අවසරලත් ෆ්රැන්චයිස් ලීග් ප්රමාණයට වඩා සහභාගි වී තිබිණි. ශ්රී ලංකා ක්රීඩකයන් ජාතික කණ්ඩායමට එක්වීමට පෙර විදේශීය ෆ්රැන්චයිස් තරගවලින් පසු ප්රමාද වී ආපසු පැමිණි අවස්ථා ද තිබූ බව සිදත් වෙත්තමුණි මහතා පිළිගත්තේය.
“ක්රීඩකයන්ට ඕන විදිහට එවැනි තත්ත්වයන් නැවත ඇති වන්නේ නෑ. ක්රිකට් පරිවර්තන කමිටුව මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක ඉන්නවා” වෙත්තමුණි මහතා පැවසීය.