ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඝාතන සිද්ධි 5කට අදාළව පිල්ලෙයාන් ලබන 10 දක්වා යළි රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි පහකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, පිල්ලෙයාන් ලබන 10 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.