ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොග්ග­ලදී සිසුන් අන­තුරේ හෙළූ බස් රථයේ බල­ප­ත්‍රය අහෝසි කෙරේ!

කොග්ගල මාර්ටින් වික්‍ර­ම­සිංහ ජන කලා කෞතු­කා­ගා­රය අස­ලදී සිසුන් පිරි­සක් රැගත් බස් රථ­යක් අනා­ර­ක්ෂිත ලෙස දුම්රිය මාර්ග­යට දමා අන­තු­රක් සිදු කළ බස් රථයේ ප්‍රවා­හන බල­ප­ත්‍රය අහෝසි කිරී­මට බස්නා­හිර පළාත් මගී ප්‍රවා­හන අධි­කා­රිය පිය­වර ගෙන තිබේ.

මේ වන විට බස් රථයේ ධාවන බල­ප­ත්‍රය තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති අතර පොලිස් හා අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට අම­ත­රව බස්නා­හිර පළාත් මගී ප්‍රවා­හන අධි­කා­රිය මඟින්ද පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි එහි සභා­පති ගාමිණී ජය­සිංහ මහතා ‘දින­මිණ’ට පැව­සු­වේය.

මේ අතර අප­රි­ක්ෂා­කාරී රියැ­දු­රාට එරෙ­හිව අප­රාධ චෝදනා ගොනු කරන බව රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්.පී.ජේ. සේනා­ධීර මහතා සඳ­හන් කරයි.

දුම්රි­යක් මාර්ගයේ ගමන් කරන බවට සංඥා නිකුත් කර තිබි­ය­දීත්, දුම්රි­යක් ධාව­නය වන බැවින් බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාව­නය නොක­රන ලෙස බස් රථයේ සිටි පිරිස් මෙන්ම අවට පිරිස්ද කෑගසා කිය­ද්දීත්, වග­කීම් විර­හි­තව අප­රි­ක්ෂා­කා­රීව බස් රථය දුම්රිය හරස් මාර්ග­යට දැමූ රියැ­දු­රාට එරෙ­හිව දණ්ඩ නීති සංග්‍ර­හයේ 298 වග­න්තිය ප්‍රකා­රව නඩු පැව­රී­මට කට­යුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැව­සීය.

මෙහිදී රියැ­දුරා අධි­ක­ර­ණය හමුවේ වර­ද­කරු වුව­හොත් වසර 05ක් දක්වා සිර දඬු­ව­ම­කට යටත් කළ හැකි බව පොලී­සිය කියයි.

මෙම අන­තු­රින් බස් රථයේ ගමන් කර­මින් සිටි සිසුහු 13 දෙනෙක් තුවාල ලබා රෝහ­ල්ගත කරනු ලැබූහ. අන­තුර වන විට සිසුන් 41 දෙනෙකු, ගුරු­ව­රුන් 14 දෙනෙකු සහ මාපි­යන් 06 දෙනෙකු ගමන් කර­මින් සිට ඇත.

දුම්රියේ ගැටී ඇත්තේ බස් රථයේ පිටු­පස කොට­සය. බඳ කොටස වැදුණි නම් ජීවිත රැසක් අහිමි වීමට ඉඩ තිබුණු බව පොලී­සිය කියයි.

මෙම අන­තුර සිදු­වන විට දුම්රි­යද එත­රම් වේග­ය­කින් ධාව­නය වී නැත. බස් රථයේ පිටු­පස කොටස දුම්රියේ ගැටී කැඩී ගොස් ඇත. පිටු­පස ආස­න­වල සිටි දරු­වන් කිහිප දෙනෙකු බස් රථ­යෙන් ඉව­තට විසි වී ඇති බවද පොලී­සිය කියයි.

අන­තුර සම්බ­න්ධ‍යෙන් බස් රථයේ රියැ­දුරු සහ කොන්දො­ස්තර හබ­රා­දූව පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා ගාල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන මස 04 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර තිබේ.