ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

අව­සන් සට­නට සුදු­සු­කම් ලබන්න ශ්‍රී ලංකා­වට තීර­ණා­ත්මක තර­ගය අද

පාකි­ස්තාන තුන්කොන් එක්දින තර­ගා­ව­ලි­යේදී එංග­ල­න්තය එක් කඩු­ල්ල­කින් පරා­ජය කළ පාකි­ස්තාන පිලේ ජයත් සමඟ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබීමේ ශ්‍රී ලංකා අපේක්ෂා ශක්ති­මත් වූවේය. අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා­වට ඉතිරි තරග දෙකෙන් එක් ජය­ග්‍ර­හ­ණ­යක් ප්‍රමා­ණ­වත්ව ඇති පසු­බි­ම­කදී පාකි­ස්තා­නය සමඟ තීර­ණා­ත්මක තර­ග­යට ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 1.30ට එක් වේ.

නව­තම ලකුණු සට­හ­නට අනුව, පාකි­ස්තා­නය අඛ­ණ්ඩව ජය­ග්‍ර­හණ තුන­කින් ලකුණු හයක් ලබා පෙර­මුණ ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව තරග දෙක­කින් එක් ජයක් වාර්තා කොට ලකුණු දෙකක් ලබා දෙවැනි ස්ථානයේ සිටී. එංග­ල­න්තය තමන් සහ­භාගි වූ තරග තුනම පරා­ජ­යට පත්ව ලකුණු සට­හනේ පහ­ළම ස්ථානයේ පසු­වෙයි.

ශ්‍රී ලංකා­වට අද පැවැ­ත්වෙන පාකි­ස්තා­නය සමඟ තර­ගය හා මේ 29 දා එංග­ල­න්ත­යට එරෙ­හිව තර­ගය ඉති­රිව ඇත. ශ්‍රී ලංකාව මේ තරග දෙකම පරා­ජ­යට පත් වුව­හොත්, එංග­ල­න්තය හා ලකුණු සමවී ශුද්ධ ලකුණු අනු­පා­තය අනුව අව­සන් සට­නට සුදු­සු­කම් ලබා ගැනීම තීර­ණය වේ. මේ වන විට පාකි­ස්තා­නය ශුද්ධ ලකුණු අනු­පා­තය 0.949ක්, ශ්‍රී ලංකාව -0.348ක් හා එංග­ල­න්තය -0.733ක් රඳවා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා පිලේ එක් එක් ක්‍රීඩ­ක­යන් තම වග­කීම් තේරු­ම්ගෙන ක්‍රීඩා කිරීම සතු­ටු­දා­යක තත්ත්ව­යක් බව ශ්‍රී ලංකා කණ්ඩා­යමේ හිටපු නායක දසුන් ශානක පැව­සීය.

“එංග­ල­න්තය සමඟ තර­ග­යේදී ඇද­හිය නොහැකි තරම් ලකුණු හඹා යාමක් කිරී­මට අපට හැකි වුණා. ලකුණු 400කට වැඩි හඹා යාම කිසි විටෙක පහසු දෙයක් නොවේ. එක් එක් ක්‍රීඩ­කයා ක්‍රීඩා කළ ආකා­රය ගැන ඇත්ත­ටම සතු­ටුයි. කණ්ඩා­යම තුළ ගොඩ­නැ­ඟුණු සංවාද සමඟ විශ්වා­ස­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. තරග ආරම්භ වීමට පෙරත් කණ්ඩා­යම් කතා බහ ගොඩක් සිදු වෙනවා. ඒ වගේම පුහු­ණු­කරු ගැරී කර්ස්ටන් අපි ක්‍රීඩා කරන ආකා­රය ගැන ඉතා පැහැ­දී­මෙන් ඉන්නවා” දසුන් ශානක පැව­සීය. එංග­ලන්ත නායක හැරී බෲක්ට ද්විත්ව ශත­ක­යක් ලබා ගනි­මින් තම කණ්ඩා­යම තර­ගයේ ජය­ග්‍රාහී ලකුණු සංඛ්‍යා­වක් කරා ගෙන යාමට හැකි වූයේ නම්, ශ්‍රී ලංකා­ව­ටත් එය කළ හැකි­යාව තිබූ බව ශානක පැව­සීය. පාකි­ස්තා­නය හා එංග­ල­න්තය අතර තර­ග­යේදී ලකුණු 103කට කඩුලු 6ක් බිඳ වැටී තිබි­යදී අංක 8 පිති­කරු ලෙස පිටි­යට පිවිසි ෂඩාබ් ඛාන් තම මංගල ශත­කය වාර්තා කර­මින් පාකි­ස්තා­නය ජය මාව­තට රැ‍ගෙන යෑම අම­තක නොවන තර­ග­යකි.

සට­න්කාමි පිති­හ­ර­ඹ­යක නිරත වූ ෂඩාබ් ඛාන් පන්දු 96කදී නොදැවී ලකුණු 113ක් ලබා ගැනී­මට සමත් විය. පිති­කරු ලැයි­ස්තුවේ අව­සන් පිති­කරු ලෙස පිටි­යට පිවිසි හැරිස් රවුෆ් පන්දු 19කට මුහුණ දී නොදැවී ලකුණු 7ක් ලබා­ගත් අතර, ෂඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් අතර අව­සන් කඩුල්ල සඳහා නොබි­ඳුණු ලකුණු 89ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුණි.

මෙය එක්දින ක්‍රිකට් ඉති­හා­සයේ කණ්ඩා­ය­මක් ලකුණු හඹා ගොස් ජය­ගත් තර­ග­ය­කදී 10වන කඩුල්ල වෙනු­වෙන් වන හොඳම සබ­ඳ­තාව විය. මෙහිදී ෂඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් විසින් වසර 51ක් පැරණි වාර්තා­වක් බිඳ­හෙ­ළනු ලැබීම වි‍ශේෂ­ත්ව­යකි.

1975 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී පාකි­ස්තා­න­යට එරෙ­හිව බට­හිර ඉන්දීය කොදෙ­ව්වන් වෙනු­වෙන් ඩෙරික් මරේ සහ ඇන්ඩි රොබට්ස් විසින් නොදැවී ලකුණු 64ක් රැස් කර­මින් තැබූ වාර්තාව ෂඩාබ් සහ හැරිස් බිඳ දැමූහ.

එංග­ල­න්තය ඕවර 46.4කදී සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබා­ගත් අතර, පාකි­ස්තා­නය ඕවර 47.3 කදී කඩුලු 9කට ලකුණු 243ක් ලබා ජය­ග්‍ර­හ­ණය වාර්තා කළේය.

පාකි­ස්තා­නය 34 වැනි ඕව­ර­යේදී කඩුලු 9ක් දැවී ලකුණු 154ක් ලබා සිටි අතර, නැවත නැඟි­ටී­මක් පිළි­බඳ බලා­පො­රොත්තු තබා නොති­බුණි. කෙසේ වෙතත්, ෂඩාබ්ගේ විශිෂ්ට ඉනි­මෙන් සියල්ල වෙනස් විය.