හර්ෂණ රාජකරුණාගේ ඥාති සහෝදරයෙක් ගිනිඅවි සහ උණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉහළ මිල්ලතේ, කිරිඳිවැල පදිංචි චරිත් කණිෂ්ක රාජකාරුණා (සමගි ජන බලවේගය පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගේ ඥාති සහෝදරයෙක්) ගිනිඅවි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී සොයා ගෙන ඇති ගිනි අවි හා උණ්ඩ,
01.විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි 02 ක්.
02.රිවෝලර් වර්ගයේ ගිනි අවි 01 ක්.
03. බෝර 12 රිපීටර් ගිනි අවි 01 යි.
04. බෝර 12 ගිනි අවි 01 ක්.
05. බෝර 12 ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 398 ක්.
06. බෝර 16 ජීව උණ්ඩ 35 ක්.
07.9mm වගයේ ජීව උණ්ඩ 278 ක්.
08. පොයින්ට් 32 ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 49 ක්.
09.පොයින්ට් 22 ගිනි අවි සඳහා යෙදිය හැකි ජීව උණ්ඩ 3,083 ක්.
10. ජීව අත් බෝම්බ 02 ක්.
සැකකරු විසින් දේපල ආරක්ෂාව සඳහා පහත ගිනි අවි සඳහා බලපත්ර ලබා ගෙන ඇත.
1. බෝර 12 රිපීටර් ගිනි අවි – 01 ගිනි අවි අංකය-1656766, බල පත්ර අංකය – F 019847
2. බෝර 12 ගිනි අවි -01, ගිනි අවි අංකය – 681716, බලපත්ර අංකය – N329143
3. බෝර 12 ගිනි අවි -01, ගිනි අවි අංකය- 118710, බලපත්ර අංකය – N 345639
4. 9mm ගිනි අවි – 01, ගිනි අවි අංකය – AG721, බලපත්ර අංකය – A017362