සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළා.
ඒ එම සැකකරු අධිකරණය හමුවේ අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.